ජපානයේ ‘ඔනොමිචි’ සමාගම වසර 30කට පසු කොළඹ ඩොක්යාඩ් හැරයයි

ජපානයේ ‘ඔනොමිචි’ සමාගම වසර 30කට පසු කොළඹ ඩොක්යාඩ් හැරයයි

දශක තුනකට වැඩි කාලයක් කොළඹ ඩොක්යාඩ් සමාගමේ 51%ක කොටස් හිමිකාරත්වයක් ඇති ජපානයේ ‘ඔනොමිචි (Onomichi) ඩොක්යාඩ්‘ සමාගම ඉන් ඉවත් වීමට තීරණය කර තිබෙනවා.

මේ පිළිබඳව ඔනිමිචු සමාගම කොළඹ ඩොක්යාඩ් සමාගම වෙත සහ සිය ප්‍රධාන කොටස් හිමියන්ට දන්වා ඇති බවයි වාර්තා වෙන්නේ.

මෙම තත්වය මත නව උපායමාර්ගික හවුල්කරුවෙකු සඳහා මූලික සාකච්ඡා මේවන විට ආරම්භ කර ඇති බව බව කොළඹ ඩොක්යාඩ් අධ්‍යක්‍ෂ මණ්ඩලය කොටස් හිමියන්ට දැනුම් දී තිබෙනවා.

1991 වසරේ සිට ඔනොමිචි සමාගම, කොළඹ ඩොක්යාඩ් සමාගමේ 51%ක් එනම් කොටස් මිලියන 36.65ක් හිමිකරගෙන තිබුණා.