විශ්වවිද්‍යාල වලට Online අයැදුම්පත් භාර ගැනීම අදින් අවසන්

විශ්වවිද්‍යාල වලට Online අයැදුම්පත් භාර ගැනීම අදින් අවසන්

විශ්වවිද්‍යාල සඳහා Online ඔස්සේ අයැදුම්පත් භාර ගැනීම අද (05) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වෙයි.

මේ වනවිට අයැදුම්පත් 85,000 කට අධික සංඛ්‍යාවක් Online ඔස්සේ යොමු කර ඇති බවයි, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ උප සභාපති මහාචාර්ය චන්දන උඩවත්ත මහතා සඳහන් කළේ.

අයැදුම්පත් යොමු කළ යුතු කාලය දීර්ඝ නොකරන බවද ඔහු කියා පැවසීය.

ඉදිරිපත් කළ අයැදුම්පතේ විශ්වවිද්‍යාලයේ ප්‍රමුඛතාව පමණක් වෙනස් කිරීමට හෙට සිට අවස්ථාව පවතියි.

ලබන 19 වැනිදා දක්වා Online ඔස්සේ ඒ සඳහා අවස්ථාව පවතින බවද මහාචාර්ය චන්දන උඩවත්ත මහතා ප්‍රකාශ කළේ ය.

Share This