ඔලිම්පික් අද ඇරඹෙන ප්‍රංශයේ දුම්රිය මාර්ග කිහිපයකට ගිනි තියලා

ඔලිම්පික් අද ඇරඹෙන ප්‍රංශයේ දුම්රිය මාර්ග කිහිපයකට ගිනි තියලා

2024 ඔලිම්පික් උළෙලේ සමාරම්භක උත්සවය අද ප්‍රංශයේ පැරිස් නුවරදී එරට වේලාවෙන් රාත්‍රී 7.30ට ( ශ්‍රී ලංකාවේ වේලාවෙන් රාත්‍රී 11.00ට) ආරම්භ වීමට නියමිතව ඇත. ඊට පැය කිහිපයක් තිබියදී අද උදෑසන ප්‍රංශයේ ජාතික දුම්රිය සේවයේ අධිවේගී දුම්රිය මාර්ග කිහිපයකට ආසනික් ප්‍රහාරයක් එල්ලවී ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.ඉන් දුම්රිය මාර්ග කිහිපයක් ගිනි ගෙන හානියට ලක්ව ඇත.

පැරිසියේ සිට බටහිරට උතුරට සහ නැගෙනහිරට දිවෙන TGV අධිවේගී දුම්රිය මාර්ගවල එම ගිනි තැබීම් සිදුව ඇත.

මේ හේතුවෙන් දුම්රිය ගමනාගමන කටයුතු සඳහා විශාල බලපෑමක් එල්ලවී ඇති අතර දුම්රිය මගීන් 800,000ක් පමණ ඉන් අපහසුවට පත්ව ඇතැයි ද විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

මේ අතර ඔළිම්පික් උළෙලට ඩ්‍රෝන ප්‍රහාර එල්ලවීමේ අවදානමක් ඇති බවට තොරතුරු ලැබී තිබේ.

ඒ අනුව ප්‍රංශ ගුවන් හමුදාව පැරීසියේ ගුවන් ආරක්ෂාව සඳහා විශේෂ අවධානමක් යොමුකර තිබේ.ඔළිම්පික් උළෙල අගෝස්තු මස 11 වැනිදා දක්වා පැවැත්වේ.