පොල්තෙල් මිළ ඉහල දැමීමේ සූදානමක්

පොල්තෙල් මිළ ඉහල දැමීමේ සූදානමක්

සාම්ප්‍රදායික පොල්තෙල් නිෂ්පාදකයන් යැයි කියාගන්නා පිරිසක් දේශීය වෙළෙඳපොළේ පොල්තෙල් මිල ඉහළ දැමීමට සූදානමින් සිටින බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය පවසයි.

එහි සභාපති රංජිත් විතානගේ මහතා පැවසුවේ දැනට වෙළෙඳපොළේ පොල් ගෙඩියක් රුපියල් 120, 130 වැනි ඉහළ මිලකට අලෙවි වන බවයි.

පොල් මිල ඉහළ ගිය ද සැපයුමේ කාර්යක්ෂමතාව නිසා වෙළෙඳපොළේ සාධාරණ මිලකට පොල්තෙල් අලෙවි කරන බව ඔහු පැවසීය.

වෙළෙඳපොළට සැපයුම අඩාල කර කෘත්‍රිම හිඟයක් ඇති කරමින් පොල්තෙල් මිල ඉහළ දැමීම මෙම පිරිසේ අරමුණ බවද පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපතිවරයා වැඩිදුරටත් පෙන්වා දෙයි.