
2024 සාමාන්‍ය පෙළ විභාගය අදින් ඇරඹෙයි
2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අද (17) ආරම්භ වේ.
මෙවර සාමාන්‍ය පෙළ විභාගය දිවයින පුරා පිහිටි විභාග මධ්‍යස්ථාන 3,663ක දී පැවැත්වෙන අතර ඒ සඳහා සිසුන් 474,147 දෙනෙකු පෙනී සිටීමට නියමිත බව විභාග දෙපාර්තමේන්තුව පැවසුවේය.
ඉන් 398,182 දෙනෙකු පාසැල් අයදුම් කරුවන් වන අතර 75,965 දෙනෙක් පෞද්ගලික අයැදුම්කරුවන් ලෙස විභාගයට පෙනී සිටීමට නියමිතයි.
විභාගය පෙරවරු 8.30ට ආරම්භ වන අතර විභාගය ආරම්භ වීමට මිනිත්තු 30කට පෙර විභාග මධ්‍යස්ථානවෙත යන ලෙසයි, විභාග කොමසාරිස්වරයා සිසුන්ගෙන් ඉල්ලා සිටින්නේ.
විභාග කාලසීමාවේ ඇති විය හැකි ඕනෑම ආපදාවකට මුහුණදීමට සඳහා කටයුතු සැලසුම් කර ඇතැයි ද විභාග කොමසාරිස් ජනරාල්වරයා පැවසුවේය.
සාමාන්‍ය පෙළ විභාගය වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ද ක්‍රියාත්මක අතර ඒ සඳහා යොදවා ඇති පොලිස් නිලධාරීන් සංඛ්‍යාව, 3400 කට අධික වේ.