පලස්තීනය රාජ්‍යයක් බව අයර්ලන්තය, නෝර්වේ සහ ස්පාඤ්ඤය නිල වශයෙන් පිළිගනී

පලස්තීනය රාජ්‍යයක් බව අයර්ලන්තය, නෝර්වේ සහ ස්පාඤ්ඤය නිල වශයෙන් පිළිගනී

මැයි 28 වන දා සිට පලස්තීනය රාජ්‍යයක් ලෙස නිල වශයෙන් පිළිගන්නා බව අයර්ලන්තය, නෝර්වේ සහ ස්පාඤ්ඤය නිවේදනය කර තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, මෙම තීරණය ඊශ්‍රායලයට එරෙහිව හෝ හමාස් සංවිධානයට පක්ෂව ගත් තීරණයක් බව ඔවුන් පැවසූ බවය.

එමෙන් ම, එය හුදෙක් සාමය වෙනුවෙන් ගත් තීරණයක් බව ඔවුන් පවසා ඇත.

ඊට ප්‍රකෝපකාරීව ප්‍රතිචාර දක්වා ඇති ඊශ්‍රායලය අනතුරු අඟවා ඇත්තේ, මෙම පියවරත් සමග කලාපය තුළ තවත් අස්ථාවරත්වයක් නිර්මාණය වන බව ය.

තව ද මෙම රවටල් තුන සඳහා පත් කර සිටි තානාපතිවරුන් ආපසු කැඳවීමට ද ඊශ්‍රායලය පියවර ගෙන තිබේ.

හමාස් සංවිධානය මෙන් ම එහි ප්‍රතිවාදියා වන පලස්තීන අධිකාරිය ද මෙම පිළිගැනීමට ධනාත්මක ප්‍රතිචාරයක් දක්වා ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පැවසීය.

Share This