ඇමති නිමල් බ්‍රහ්මවංශ හිමියන්ගෙන් සමාව ඉල්ලයි

ඇමති නිමල් බ්‍රහ්මවංශ හිමියන්ගෙන් සමාව ඉල්ලයි

අජාන් බ්‍රහ්මවංස හිමියන්ට කටුනායක ගුවන්තොටුපොළේදී මුහුණ දීමට සිදුවූ අපහසුතාව ගැන උන්වහන්සේගෙන් සමාව අයැද සිටින බව වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී අද (06) පැවසීය.

තමා යටතේ පවතින ආයතනයකින් යම් වැරැද්දක් සිදුවී ඇත්නම් එය පිළිගෙන ඉදිරියේදී එවැනි සිදුවීම් ඇති නොවීමට වගබලා ගැනීම වගකීමක් බවද ඔහු සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස ජනාධිපතිවරයා ඉල්ලීමක් කළ බවත් ඒ පරීක්ෂණය සඳහා ශ්‍රී ලංකා ගුවන් සේවා අධිකාරිය පත් කර ඇති බවත් අමාත්‍යවරයා කීවේය.

ඒ පරීක්ෂණයේදී අතපසුවීම සිදුවුයේ කාගේ අතින් දැයි දැනගත හැකි වනු ඇතැයි පැවසූ අමාත්‍යවරයා මෙවැනි සිදුවීම් මින්පසු ඇති නොවීමට වගබලා ගන්නා බවද සඳහන් කළේය.

 

Share This