බැඩ්මින්ටන් තරුව ක්‍රීඩා පිටියට සමු දෙයි

බැඩ්මින්ටන් තරුව ක්‍රීඩා පිටියට සමු දෙයි

මෙරටින් බිහි වූ විශිෂ්ඨතම බැට්මින්ටන් ක්‍රීඩකයා ලෙස සැලකෙන නිලූක කරුණාරත්න සිය ක්‍රීඩා දිවියට සමු දීමට තීරණය කර ඇත.

2015 වසරේ දී ආසියානු බැට්මින්ටන් තරගාවලිය නියෝජනය කරමින් ජගත් ක්‍රීඩා පිටියට අවතීර්ණ වූ නිලූක අවස්ථා තුනකදී ඔලිම්පික් තරග සඳහා සහ පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙළ පහකට සහභාගගි වී තිබේ.

ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙසද තරග වැදුණු නිලූක ඔලිම්පික් පිටියේ හොඳම ක්‍රීඩකයන් 16 දෙනා අතරට ද වරෙක පත් වූයේය.

ජාත්‍යන්තර තරගාවලි 34කදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් පදක්කම් දිනා ගැනීමට සමත් වූ ඔහු ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු මූලස්ථානයේ පැවති හමුවකදී සිය සමුගැනීම නිවේදනය කළේය.

මහද්වීප පහේම පැවැති තරගවලදී රන් පදක්කම දිනාගත් එකම ශ්‍රී ලාංකික ක්‍රීඩකයා වන්නේද 38 හැවිරිදි නිලූක කරුණාරත්නය.

නවක ක්‍රීඩකයන් සඳහා අවස්ථාව සලසා දීමේ අරමුණින් තමා මෙම සමුගැන්ම ප්‍රකාශ කළ බව නිලූක ස්විට්සර්ලන්තයේ සිට නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.

Share This