පශ්චාත් මැතිවරණ කාලය ඇරඹේ – පොලීසියෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක්

පශ්චාත් මැතිවරණ කාලය ඇරඹේ – පොලීසියෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක්

මහ මැතිවරණයේ ප්‍රතිඵල ප්‍රකාශ කළ දිනයේ සිට සතියක කාලයක් පශ්චාත් මැතිවරණ කාලසීමාව ක්‍රියාත්මක බව පොලීසිය ජනතාවට දැනුම්දෙයි.

ඒ අනුව, තෝරා ගත් පොලිස් බල ප්‍රදේශවල තවදුරටත් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බවයි, පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති, නීතිඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේ.

පූර්ව මැතිවරණ කාලසීමාව තුළ මැතිවරණ නීති උල්ලංඝනය කළ පුද්ගලයින් 581ක් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවද ඒ අතර අපේක්ෂකයින් 18 දෙනෙකු සිටින බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

පොලිස් භාරයට ගෙන ඇති වාහන සංඛ්‍යාව 147කි.