නයිජීරියාවේ ඉන්ධන බවුසරයක් පිපිරී 48 ක් ජීවිතක්ෂයට

නයිජීරියාවේ ඉන්ධන බවුසරයක් පිපිරී 48 ක් ජීවිතක්ෂයට

නයිජීරියාවේ, නයිජර් ප්‍රාන්තයේදී මගීන් ප්‍රවාහන ලොරි රථයක් ඉන්ධන බවුසරයක ගැටී සිදුවූ අනතුරකින් 48 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අනතුරින් තවත් 100 කට අධික පිරිසක් තුවාල ලබා රෝහල්ගත කළ බව පැවසෙයි.

එරට පොලීසිය ප්‍රකාශ කර ඇත්තේ, වේගයෙන් ධාවනය වෙමින් තිබූ ඉන්ධන බවුසරය පළමුවෙන් ගවයන් ප්‍රවාහනය කරමින් තිබූ ට්‍රක් රථයක ගැටුණු බවත් ඉන්පසු එය තවත් වාහන කීපයක හැපී පෙරැළි ගිනිගෙන පුපුරා ගිය බවයි.

තුවාල ලැබූ බොහෝ දෙනකුගේ තත්ත්වය බරපතල බැවින් මරණ සංඛ්‍යාව තව තවත් ඉහළ යෑමට ඉඩ ඇතැයි නයිජීරියානු ආපදා කළමනාකරණ ඒජන්සිය නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබේ.