නෙලුම් කුළුනේ බිත්ති කුරුටු ගෑ යුවලක් අත්අඩංගුවට

නෙලුම් කුළුනේ බිත්ති කුරුටු ගෑ යුවලක් අත්අඩංගුවට

කොළඹ නෙළුම් කුලුන නැරඹීමට පැමිණි තරුණ යුවළක් විසින් කුලුන මත ඇති බිත්තියක් කුරුටුගාමින් සිටිය දී එහි ආරක්ෂක අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (30) සවස ඔවුන් දෙදෙනා කුලුනේ යොදවා සිටින ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන පොලීසියට භාරදීමට කටයුතු කර ඇත.

මහජනතාව වෙත නෙළුම් කුලුන විවෘත කිරීමෙන් අනතුරුව නිවේදනයක් නිකුත් කරමින් එහි නිලධාරීන් පවසා සිටියේ නෙළුම් කුලුන නැරඹීමට පැමිණෙන ජනතාව එහි දේපළවලට හානි සිදුකළහොත් ඔවුන්ට දැඩි දඬුවම් ලබාදෙන බවය.

ඔවුන් වැඩිදුරටත් සඳහන් කර සිටියේ, මේ හේතුවෙන් නෙළුම් කුලුනේ නඩත්තු කටයුතුවලට විශාල වියදම් දැරීමට සිදුවන බවයි.

Share This