දිස්ත්‍රික්ක 11ක ප්‍රදේශ කිහිපයක් සඳහා පැනවූ නායයෑමේ අනතුරු ඇඟවීම් දීර්ඝ කෙරේ

දිස්ත්‍රික්ක 11ක ප්‍රදේශ කිහිපයක් සඳහා පැනවූ නායයෑමේ අනතුරු ඇඟවීම් දීර්ඝ කෙරේ

දිස්ත්‍රික්ක 11ක ප්‍රදේශ කිහිපයක් සඳහා නිකුත් කළ නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදන තවදුරටත් දීර්ඝ කර තිබෙනවා.

ඒ අනුව, බදුල්ල ,කොළඹ ,හම්බන්තොට ,මහනුවර ,කුරුණෑගල ,මාතලේ ,මාතර ,කළුතර ,ගාල්ල ,කෑගල්ල සහ රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක් සඳහා මෙලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදන දීර්ඝ කර ඇති බවයි සඳහන් වන්නේ.

අද (02) සවස 3 දක්වා මෙම අනතුරු ඇඟවීම බලපැවැත්වෙන අතර එම නිවේදනය පහතින් දැකිය හැකියි.