දිස්ත්රික්ක කිහිපයක් සඳහා නායයෑමේ අනතුරු ඇඟවීම්
දිස්ත්රික්ක කිහිපයක ප්රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයක් සඳහා බලපැවැත්වෙන පරිදි නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදනයක් නිකුත් කර තිබේ.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පැවසුවේ ඒ අනුව, අදියර 1 යටතේ අද (15) පස්වරු 4 දක්වා බලපැවැත්වෙන පරිදි මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය ක්රියාත්මක බවය.
ඒ අනුව, බදුල්ල දිස්ත්රික්කයේ ඇල්ල, පස්සර, හාලිඇල, හපුතලේ, මහනුවර දිස්ත්රික්කයේ මැදදුම්බර, පාතදුම්බර, කුරුණෑගල දිස්ත්රික්කයේ රිදීගම, මාතලේ දිස්ත්රික්කයේ අඹන්ගහ කෝරළය, රත්තොට යන ප්රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කර තිබේ.