ජනාධිපතිවරණයේදී ඡන්දෙ ඉල්ලන් එන අයට සලකන්න ගමක් සූදානමින්

ජනාධිපතිවරණයේදී ඡන්දෙ ඉල්ලන් එන අයට සලකන්න ගමක් සූදානමින්

මෙවර ජනාධිපතිවරණයේදී ඡන්දය ඉල්ලා ගමට පැමිණෙන පිරිස්හට අසූචි ප්‍රහාර එල්ලකරන බවට මාතලේ – නාඋල, අදාවල ගම්මානයේ වැසියෝ දැන්වීම් ප්‍රදර්ශනය කර තිබේ.

වසර ගණනාවක් තිස්සේ සිය ගම්මානයට පැමිණි දේශපාලකයින් විවිධ පොරොන්දු ලබාදෙමින් කටයුතු කල බවත් මේ වන තෙක් ඔවුන් ලබාදුන් පොරොන්දු ඉටුවී නැති බවත් ගම්වාසිහු කියා සිටිති.

සිය ගම්මානයට පිවිසෙන මාර්ග පද්ධතිය, වගාබිම වල පවත්නා ගැටළු මෙන්ම ප්‍රවාහන දුෂ්කරතා ඇතුළු කරුණු ගනනාවක් සැලකිල්ලට ගෙන මෙවර මැතිවරණයේ දී සිය ගම්මානයේ පිරිස් ඡන්දය ලබාදීමෙන් වැලකි සිටින බව ගම්මු කියා සිටිති.

පොරොන්දු ඉටු නොකරන ලද දේශපාලකයින්ට සිය ගම්මානයට නොපැමිණෙන ලෙසත් එසේ පැමිණියහොත් ඒ සදහා ප්‍රතිචාර දැක්වීමට සූදානමින් සිටන බවත් ඔවුහු කියා සිටිති.