නතාෂා එදිරිසූරිය සහ බෘනෝ දිවාකර නිදහස්

නතාෂා එදිරිසූරිය සහ බෘනෝ දිවාකර නිදහස්

බුදු දහම ගැන ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප ලබා සිටි ප්‍රහසන ශිල්පිනියක වන නතාෂා එදිරිසූරිය සහ SL Vlog Youtube නාලිකාවේ හිමිකරු වන බෘනෝ දිවාකර නිදහස් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (19) නියෝග කළා.

සිංහල රාවය ඇතුළු සංවිධාන කිහිපයක පැමිණිලි මත සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත (ICCRP) යටතේ ඔවුන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර කිරීමෙන් අනතුරුව ඇප මත නිදහස් කර තිබුණි.

මෙම නඩුව ඉදිරියට පවත්වාගෙන යෑමට අවශ්‍ය සාක්ෂි නොමැති බවට නීතිපතිවරයා අධිකරණයට දැනුම්දීමෙන් අනතුරුව ඔවුන්ව නිදහස් කිරීමට අධිකරණය නියෝග කර තිබේ.

නතා‍ෂා එදිරිසූරිය විසින් කළ හාස්‍යමය ඉදිරිපත් කිරීමක් මත ඇයව අත්අඩංගුවට ගත් අතර එම වැඩසටහන සංවිධානය කළ බව චෝදනා කරමින් SL Vlog Youtube නාලිකාවේ හිමිකරු වන බෲනෝ දිවාකර මහතාවද අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවා.

Share This