නාමල් වෙනුවෙන් ඉන්දියාවේ රාම් කෝවිලේ අද විශේෂ පූජාවක්‌

නාමල් වෙනුවෙන් ඉන්දියාවේ රාම් කෝවිලේ අද විශේෂ පූජාවක්‌

නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා අද (09) පෞද්ගලික දෙදින සංචාරයක් සදහා ඉන්දියාව බලා පිටත්ව යන බව දේශපාලන ආරංචි මාර්ග පවසනවා.

නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා වෙනුවෙන් අද සවස රාම් කෝවිලේ විශේෂ පූජාවක් සංවිධානය කරන බවත් සදහන්.

මන්ත්‍රීවරයා අයෝධ්‍යාවේ සහ නවදිල්ලියේ රැඳී සිටින කාලය තුළදී පෞද්ගලික මට්ටමින් එරට විවිධ පුද්ගලයින් හමුවීමට බලාපොරොත්තු වෙන බවත් පැවසේ.

එමෙන්ම, ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර සංස්කෘතික හා ආගමික සබඳතා ශක්තිමත් කිරීම සඳහා නාමල් රාජපක්ෂ මහතා දක්වන උනන්දුව අයෝධ්‍යා රාම් මන්දිරය වෙත සංචාරය කිරීමෙන් පිළිබිඹු වන අතර එමඟින් ඔහු දේශීය හා ජාත්‍යන්තර වශයෙන් අවධානය දිනා ගැනීමට අපේක්ෂා කරන බවද පැවසෙනවා.

Share This