
යූ ටියුබර් කෙනෙක් නාමල්ගේ පිරිසක් සමග පිරිසක් පැටලෙයි – CID ය අසළ උණුසුම් තත්ත්වයක් – Video
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත අද උදෑසන කැඳවා තිබුණා.
ශ්‍රී ලංකා ගුවන් සමාගම සිදු කරන ලද එයාර් බස් ගණුදෙනුවකට අදාළව ප්‍රකාශ ලබාගැනීම සඳහායි මන්ත්‍රීවරයා මෙලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබුනේ.
ඒ අනුව අද උදෑසන මන්ත්‍රීවරයා අදාළ ප්‍රකාශ ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණියා.
එම අවස්ථාවේ දී කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අසළ රැඳී සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ ආධාරකරුවන් පිරිසක් සහ යූ ටියුබ් මාධ්‍යවේදියෙකු අතර ඇති වූ බහින් බස්වීමක් හේතුවෙන් එම ස්ථානයේ තරමක උණුසුම්කාරී තත්ත්වයක් හටගත්තා.
අනතුරුව පොලීසිය මැදිහත්වීමෙන් පසු තත්ත්වය පාලනය කෙරුණු අතර අදාළ පිරිස එම ස්ථානයෙන් ඉවත් කිරීමට කටයුතු කෙරුනා.