මන්ත්‍රී නාමල් ගුණවර්ධන ඝාතනයේ සැකකරු නිදොස් කොට නිදහස්

මන්ත්‍රී නාමල් ගුණවර්ධන ඝාතනයේ සැකකරු නිදොස් කොට නිදහස්

බස්නාහිර පළාත් සභා මන්ත්‍රීවරයකු වශයෙන් කටයුතු කළ නාමල් ගුණවර්ධන මහතා මීට වසර 09කට පෙර වෙඩි තබා ඝාතනය කළ බවට චෝදනා ලැබ සිටි විත්තිකරුට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට නොමැති බවට තීරණය කළ කොළඹ මහාධිකරණ විනිසුරු මහේන් වීරමන් මහතා විත්තිකරු සියළු චෝදනවලින් නිදොස් කොට නිදහස් කළේය.

විත්තිකරුට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට නොමැති බවට තීරණය කරමින් මෙලෙස නිදොස් කොට නිදහස් කරන ලද්දේ සම්පත් තුෂාර නමැති විත්තිකරුවෙකි.

2004 ඔක්තෝබර් 11 වැනිදා කොල්ලූපිටියේදී නාමල් ගුණවර්ධන මහතාට වෙඩි තබා ඝාතනය කළැයි විත්තිකරුට එරෙහිව නීපතිවරයා චෝදනා නඟා තිබුණි.