නාමල්ට ඇප තැන්පත් කරයි

නාමල්ට ඇප තැන්පත් කරයි

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පක්ෂයෙන් මෙවර ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන නාමල් රාජපක්ෂ මහතා වෙනුවෙන් එම පක්ෂයේ මහලේකම් සාගර කාරියවසම් මහතා අද (14) පෙරවරුවේ රාජගිරිය මැතිවරණ කොමිසම වෙත පැමිණි ඇප මුදල් තැන්පත් කර තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී විය.

මෙහිදී මාධ්‍යයට අදහස් දැක්වූ සාගර කාරියවසම් මහතා,

“සුබ මොහොතින් ඇප මුදල් තැන්පත් කරලා ජයග්‍රාහී ගමනේ තවත් පියවරක් ඉදිරියට තැබුවා.

සැප්තැම්බර් 22 වෙද්දි 9 වැනි ජනාධිපතිවරයා ලෙස නාමල් රාජපක්ෂ මහතා දිවුරුම් දෙන්න අවශ්‍ය ගමන යනවා.

හෙට නාමයෝජනා භාරදුන්න වහාම මැතිවරණ ප්‍රචාරණ කටයුතු ආරම්භ කරනවා.”