නව රජයේ කැබිනට් මාධ්‍ය ප්‍රකාශක නලින්ද ජයතිස්ස

නව රජයේ කැබිනට් මාධ්‍ය ප්‍රකාශක නලින්ද ජයතිස්ස

නව රජයේ පළමු අමාත්‍ය මණ්ඩල රැස්වීම අද පෙරවරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පවත්වා තිබේ.

එහිදී වත්මන් රජයේ කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ලෙස සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පත්කර තිබේ.

මීට පෙර තිබූ තිදෙනෙකුගෙන් යුතු ඇමැති මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ලෙස කටයුතු කළේ එම අවස්ථාවේ ජනමාධ්‍ය ඇමැති ධුරය හෙබවූ විජිත හේරත්ය.