හරක් කටාට එරෙහි නඩුවක අද දුන් නියෝගය
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවේ සිටියදී පළායාමට කුමන්ත්රණය කළේ යැයි චෝදනා ලබා සිටින නදුන් චින්තක වික්රමරත්න හෙවත් හරක් කටා ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට එරෙහිව ගොනුකර ඇති නඩුව මැයි මස 15 වැනිදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය අද නියෝග කළේය.
එදින මෙම නඩුවේ අධිකරණය මඟහැර සිටින විත්තිකරුවකුට අදාළව එම විත්තිකරුව නොමැතිව නඩු විභාගය පවත්වාගෙන යාම පිළිබඳ සාක්ෂි විභාගය පවත්වන බවත් කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා නියෝග කළේය.