නදීන් බාසික්ට ඇප

නදීන් බාසික්ට ඇප

අද (28) උදෑසන කටුනායක ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට ගත් මෙරට මත්ද්‍රව්‍ය ජාලයේ ‘ගෝඩ් ෆාදර්’ ලෙස හදුන්වන ශිරාන් බාසික් නැමැත්තාගේ පුත් නදීන් බාසික් ඇප මත මුදාහැර තිබේ.

ඒ, ඔහුව අද ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 05ක ශරීර ඇප මතයි.

එහිදී සැකකරුට අධිකරණය විසින් විදේශ ගමන් තහනමක් ද පනවා තිබේ.

මෙම සැකකරුව අද අලුයම ඩුබායි රාජ්‍යයේ සැඟව සිට මෙරටට පැමිණීමේ දී වැල්ලවත්ත පොලීසිය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හා ආගමන විගමන නිලධාරීන් එක්ව අත්අඩංගුවට ගනු ලැබීය.

ඒ, මෙම වසරේ පෙබරවාරි මස 16 වැනි දින වැල්ලවත්ත මහල් නිවාස සංකීර්ණයේ සිදුකළ වැටලීමක දී රාජකාරියේ යෙදී සිටි පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරියෙකු අනතුරට ලක්කර පළායෑම සහ මිනී මැරීමකට තැත්කිරීම යන චෝදනා යටතේයි.