බෝඩිමක සිටි කාන්තාවක් තියුණු ආයුධයකින් කපා මරා දමලා

බෝඩිමක සිටි කාන්තාවක් තියුණු ආයුධයකින් කපා මරා දමලා

සිදුව පොලිස් වසමේ, අමන්දොළුව අංක 5 බේස්ලයින් පාරේ, මරීනා මාවතේ පිහිටි බෝඩිමක ඇඳක් මත ඝාතනය කර දමා තිබූ කාන්තා මළ සිරුරක් සොයාගත් බව සීදුව පොලීසිය පවසයි.

එලෙස ඝාතනය වී ඇත්තේ, පලතුරුවැල්ල, සේරන්කඩ ප්‍රදේශයේ පදිංචි, හේරත් මුදියන්සේලාගේ ෂිරෝමි පුෂ්පලතා නමැති 43 හැවිරිදි එක්දරු මවක් බවට හඳුනාගෙන ඇත.

ඝාතනය ලක්ව සිටි කාන්තාවගේ මුහුණ ප්‍රදේශයට තියුණු ආයුධයකින් දෙකට වෙන්වන තරමට කොටා ඇතැයිද සීදුව පොලිසිය පවසයි.

ඇය වසර දහයකට ආසන්න කාලයක් වෙළඳ කලාපයේ ආයතන කීපයක රැකියාවේ නියුතුව සිට මේ වනවිට වෙළඳ කලාපයට අනුයක්ත මෑන් පවර් ආයතන වලට සම්බන්ධ වී රැකියාවේ නියුතුව සිටි කාන්තාවකි.

පොලිස් හදිසි ඇමතුම් ඒකකයට ලද පණිවිඩයක් මත ඊයේ (04) දින සවස් කාලයේ දී පොලීසිය විමර්ශන ආරම්භ කර තිබුණි.

ඝාතනයට ලක් වූ කාන්තාව පිරිමි පුද්ගලයෙකු සමඟ එම බෝඩිම් කාමරයේ ජීවත්ව ඇති අතර කාන්තාවගේ ඝාතනයෙන් පසුව එම පිරිමි පුද්ගලයා පලා ගොස් ඇති බව පොලීසිය අනාවරණය කර ගෙන තිබේ.

එම සැකකාර පුද්ගලයා අත්අඩංගුවට ගැනීම සඳහා සීදූව පොලීසිය මේ වන විට පරීක්ෂණ ආරම්භ කර තිබේ.