දෙලෝ රත් වෙන මිලට ගණන් ඉස්සූ මුරුංගා

දෙලෝ රත් වෙන මිලට ගණන් ඉස්සූ මුරුංගා

මේ දිනවල එළවළු මිල ගණන් ඉහළ යාම හේතුවෙන් යාපනය ප්‍රදේශයේ මුරුංගා කිලෝ 1ක සිල්ලර මිල රුපියල් 3000ක් දක්වා ඉහළ ගොස් ඇතැයි වාර්තා වේ.

තයිපොංගල් උත්සවය නිසා මුරුංගාවලට ඇති විශාල ඉල්ලුම මෙම අධික මිල ගණන් ඉහල යාමට හේතුව ලෙස වෙළදුන් සඳහන් කරයි.

මුරුංගා කිලෝවක තොග මිල සටහන් වූයේ රුපියල් 2500ක් වැනි මුදලකටය.

මේ දිනවල මුරුංගා අස්වැන්න නොලැබෙන කාලයක් වීමත් සෙසු එළවළු වර්ගවල මිල ගණන් ඉතා සීග්‍රයෙන් ඉහළ යාමත් නිසා මුරුංගා මිලද මේ අන්දමට ඉහල ගොස් ඇති බවයි, යාපනයේ එළවළු වෙළෙන්දෝ පවසා සිටින්නේ.

Share This