![නිවසේ සිටි කාන්තාවක් ගෙල කපා ගිනි තබා ඝාතනය කරලා නිවසේ සිටි කාන්තාවක් ගෙල කපා ගිනි තබා ඝාතනය කරලා](https://cdn.statically.io/img/newsi.lk/wp-content/uploads/2024/12/murder.jpg?quality=100&f=auto)
නිවසේ සිටි කාන්තාවක් ගෙල කපා ගිනි තබා ඝාතනය කරලා
රාගම, තලගොල්ල ප්‍රදේශයේ නිවසක ඊයේ (05) සවස් කාලයේ දී කාන්තාවකගේ ගෙල කැපීමෙන් අනතුරුව ගිනි තබා ඝාතනය කර ඇති බව රාගම පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ, වයස අවුරුදු 76 ක් වූ තලගොල්ල, රාගම ප්‍රදේශයේ පදිංචිකාරියකි.
මරණකාරිය ඇයගේ ස්වාමි පුරුෂයා සමඟ නිවසේ පදිංචිව සිට ඇති අතර, ස්වාමි පුරුෂයා සිද්ධිය වන අවස්ථාවේදී රැකියාව සඳහා නිවසින් පිටව ගොස් සිට ඇත.
පසුව නැවත නිවසට පැමිණ ස්වාමි පුරුෂයා මරණකාරිය පිළිබඳව සොයා බැලීමේදී ඝාතනය කර ඇති බවට නිරීක්ෂණය වී ඒ පිළිබඳව පොලිසියට දන්වා ඇත.
මෙම ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර අපරාධයට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා රාගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
මෘත ශරීරය රාගම රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබේ.