ප්‍රදේශ 04 කින් මනුෂ්‍ය ඝාතන 04 ක්

ප්‍රදේශ 04 කින් මනුෂ්‍ය ඝාතන 04 ක්

දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් මනුෂ්‍ය ඝාතන 04ක් වාර්තා වී ඇති බව පොලීසිය පවසයි.

ඊයේ (24) එම ඝාතන වාර්තා වී ඇති බවයි, පොලීසිය සඳහන් කළේ.

පිටිගල පොලිස් වසමේ කලුආරච්චිගොඩ – පිටිගල ප්‍රදේශයේ දී පුතා විසින් පියාගේ හිසට පොරවකින් පහර දී ඝාතනය කර තිබේ.

මිය ගොස් ඇත්තේ, කලුආරච්චිගොඩ – පිටිගල ප්‍රදේශයේ පදිංචි 80 හැවිරිදි පුද්ගලයෙකි.

සැකකරු මානසික රෝගී තත්ත්වයකින් පෙළෙන අයෙකු වන අතර, 47 හැවිරිදි සැකකරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු මීට පෙර අංගොඩ මානසික රෝහලේ ප්‍රතිකාර ලබා පැමිණි පුද්ගලයෙකු බවට අනාවරණය වී ඇත.

මේ අතර කඹුරුපිටිය – නාරන්දෙණිය ප්‍රදේශයේ දී තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.

මරණකරු මව සමඟ නිවසේ ජීවත් ව සිට ඇති අතර, මව නොමැති අවස්ථාවේ දී අසල්වාසී පුද්ගලයෙකු සමඟ බීමතින් පැමිණ ආරවුලක් ඇති කරගෙන ඇත.

එහි දී අනෙක් පුද්ගලයා විසින් තියුණු ආයුධයකින් පහර දී එම ඝාතනය කර ඇති බවට පොලීසිය සැකකරනු ලබයි.

මිය ගොස් ඇත්තේ, නාරන්දෙණිය නැඟෙනහිර – කඹුරුපිටිය ප්‍රදේශයේ පදිංචි 57 හැවිරිදි පුද්ගලයෙකි.

ඝාතනයට සම්බන්ධ සැකකරු පළා ගොස් ඇති අතර, අත්අඩංගුවට ගැනීම සඳහා කඹුරුපිටිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

මේ අතර කුට්ටිගල – තුංකම ප්‍රදේශයේ දී පුතා විසින් පියා ඝාතනය කර තිබේ.

මිය ගොස් ඇත්තේ, අඹගස්ගමුල්ල – තුංගම ප්‍රදේශයේ පදිංචි 84 හැවිරිදි පුද්ලයෙකි.

සැකකාර පුතා බීමතින් පැමිණ ආරවුලක් ඇති කරග‍ෙන ඝාතනය සිදු කර මෘත ශරීරය වැසිකිළි වළකට දමා තිබිය දී සොයා ගෙන ඇත.

ඝාතනය සිදු කළ සැකකාර පුතා අත්අඩංගුවට ගෙන ඇති අතර, මරණකරු සහ සැකකරු එකම නිවසේ ජීවත් ව සිට ඇති බව පොලීසිය පවසයි.

මේ අතර මාන්කුලම – තච්චඩප්පන් ප්‍රදේශයේ දී තියුණු ආයුධයකින් පහර දී 26 හැවිරිදි පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.