
බ්‍රෝකර් ගාස්තු ආරවුලක් දුරදිග යාමෙන් බ්‍රෝකර්වරයෙකු මරුට
ග්‍රෑන්ඩ්පාස් කම්බි කොටුව වත්ත ප්‍රදේශයේ තිදෙනකු අතර ඇති වූ ගැටුමකින් එක් පුද්ගලයෙක් මියගොස් අඹුසැමි යුවලක් බරපතල තුවාල ලබා ඇතැයි ගෑන්ඩ්පාස් පොලීසිය පවසයි.
සිද්ධියෙන් මියගොස් ඇත්තේ, එම ප්‍රදේශයේම පදිංචි සමන් කුමාර නැමැති 54 හැවිරිදි පුද්ගලයෙකි.
බරපතල තුවාල ලද අඹුසැමි යුවළට අයත් නිවසක් කුලී පදනම මත ලබා දීමට නියමිතව තිබී ඇති අතර එම නිවසේ පදිංචිය සඳහා පවුලක් සම්බන්ධ කර ඇත්තේ මියගිය පුද්ගලයා බවට පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
ඒ වෙනුවෙන් ලබාදිය යුතු රුපියල් 20000/= ක මුදල අඹුසැමි යුවල පොරොන්දු ආකාරයෙන් ලබා නොදුන් බව පවසා එම යුවළ ඊයේ (26) රාත්‍රී ත්‍රීරෝද රථයෙන් නිවස කරා පැමිණෙන අවස්ථාවේදී නිවස ආසන්නයේ මග රැක සිටි මරණකරු එම යුවළට මිරිස් කුඩු ප්‍රහාරයක් එල්ල කර පිහියකින් පහර දීමේදී අඹුසැමි යුවල මරණකරු සමග පොර බදා ඇති බව පොලිසි කියයි.
අනතුරුව මරණකරු ඔහු සතුව තිබූ තවත් කුඩා පිහියක් උපයෝගී කරගෙන අඹුසැමි යුවළ වෙත එල්ල කිරීමේදී පිරිමි පුද්ගලයා මරණකරු සන්තකයේ ඊට පෙර තිබූ පිහිය ඔහු භාරයට ගෙන මරණකරු වෙත එල්ල කර තිබූ බව පොලිසිය සඳහන් කරයි.
සිද්ධියෙන් බරපතල තුවාල ලද තිදෙනාම කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව එම පුද්ගලයා මියගිය බව පොලිසිය කියයි.
බරපතල තුවාල ලද අඹුසැමි යුවල දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව පොලිස් නිලධාරියකු පැවසීය.