පිටකොටුවේ දී මනුෂ්‍ය ඝාතනයක්

පිටකොටුවේ දී මනුෂ්‍ය ඝාතනයක්

පිටකොටුව, රෙක්මලේෂන් පාර, දෙවන හරස්වීදිය ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා.

එලෙස ඝාතනයට ලක්ව ඇත්තේ, 33 හැවිරිදි මහියංගනය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි, පිටකොටුව පොලීසිය සදහන් කළේ.

අද (05) අළුයම 1.30ට පමණ මෙම සිදුවීම සිදුව ඇති බවත් පොලීසිය පවසයි.

මියගිය පුද්ගලයාගේ මෘත ශරීරය කොළඹ ජාතික රෝහල වෙත ගෙන ගොස් තිබෙන අතර සිද්ධිය සම්බන්ධව පොලීසිය වැඩිදුර විමර්ශණ පවත්වනවා.