බහින්බස්වීමක් දුර දිග ගොස් මිතුරා සමග එක්ව බිරිඳ ඝාතනය කරලා

බහින්බස්වීමක් දුර දිග ගොස් මිතුරා සමග එක්ව බිරිඳ ඝාතනය කරලා

තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබූ කාන්තාවකගේ මළ සිරුරක් අද (11) අලුයම තලංගම, තලාහේන ප්‍රදේශයේ නිවසකින් හමුවී තිබේ.

මියගොස් ඇති කාන්තාව සිය සැමියා සමග මෙම නිවසේ කුලී පදනම මත ජීවත්ව සිට ඇති අතර පසුගිය 06 වෙනිදා ඇය සහ සැමියා අතර බහින්බස්වීමක් සිදුව තිබේ.

පසුව එම කාන්තාවගේ සැමියා සහ ඔහුගේ යහළුවකු විසින් මෙම තරුණියට උල් ආයුධයකින් ඇන ඝාතනය කර නිවසෙහි දොරගුළු දමා පිටව ගොස් තිබේ.

පසුව ඔවුන් දෙදෙනාම පැමිණ පොලීසියට මේ පිළිබඳව පැමිණිලි කර තිබේ.

මෙලෙස ඝාතනය වී ඇත්තේ, තලංගම ප්‍රදේශයේම පදිංචිව සිටි 31 හැවිරිදි කාන්තාවක්.

මෙම ඝාතනය සම්බන්ධයෙන් 31 හැවිරිදි හිඟුරක්ගොඩ ප්‍රදේශයේ පදිංචි මරණකාරියගේ ස්වාමි පුරුෂයා සහ වයස අවුරුදු 44ක් වන ගලේවෙල ප්‍රදේශයේ පදිංචි අනෙක් සැකකරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මළ සිරුර හමුවන අවස්ථාවේ දී එම නිවසේ සුනඛයෙක් ගැට ගසා සිට ඇති අතර, එම සතාට ද දින 5ක පමණ කාලයක් ආහාර හෝ නොලැබී ඇතැයි පොලීසිය සඳහන් කරයි.

සිද්ධිය සම්බන්ධයෙන් තලංගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Share This