ඝාතනයකින් කෙලවර වූ අනියම් පෙම

ඝාතනයකින් කෙලවර වූ අනියම් පෙම

සූරියවැව ,බැද්දෙවැව ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් කපා කොටා 37 හැවිරිදි දෙදරු මවක ඝාතනය කර ඇතැයි සූරියවැව පොලිසිය පවසයි .

ඝාතනය කර ඇත්තේ සූරියවැව ,බැද්දෙවැව බටහිර පදිංචි සුදු හකුරුගේ සුරංගිකා නදීශානි නමැති විවාහක කාන්තාවකි . අනියම් සබදතාවයක් හේතුවෙන් මෙම ඝාතනය සිදුකර ඇතැයි පොලිසිය සැකකරයි .

ඝාතනයට ලක්වූ කාන්තාවගේ සැමියා ත්‍රීරෝද රථ රියදුරෙකි . සැකකරු කාන්තාව සමග දිගු කලක් අනියම් සබදතාවයක් පවත්වා ගෙන ගොස් ඇති බවට තොරතුරු අනාවරණය වූ බවට පොලිසිය පවසයි .

 

Share This