
පහරදී පුළුස්සා කාන්තාවක් මරා දමලා – පුතා, දුව සහ ලේලිය අත්අඩංගුවට
දඹගල්ල පොලිස් වසමේ කොලොන්කඳපිටිය ප්‍රදේශයේ නිවසක් තුළ ඊයේ (11) උදෑසන කාන්තාවක් පුළුස්සා ඝාතනය කර ඇති බව දඹගල්ල පොලිසිය සඳහන් කරනවා.
එලෙස මියගොස් ඇත්තේ, වයස අවුරුදු 55ක් වූ කොලොන්කඳපිටිය, දඹගල්ල ප්‍රදේශයේ පදිංචිකාරියකි.
මියගිය කාන්තාවට උදැල්ලකින් පහරදී පුළුස්සා ඝාතනය කර ඇති බවට සිදුකරන ලද විමර්ශන වලදී අනාවරණය වී ඇති බව පොලීසිය පැවසීය.
ඒ අනුව ඝාතනය සම්බන්ධයෙන් 35 හැවිරිදි මියගිය කාන්තාවගේ පුත්‍රයා, අවුරුදු 30ක් වන දියණිය සහ අවුරුදු 34ක් වූ මියගිය කාන්තාවගේ ලේලිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෘත ශරීරය මොණරාගල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර දඹගල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.