පුත්තලම පාළු නිවසක තරුණයෙකුගේ මල සිරුරක්

පුත්තලම පාළු නිවසක තරුණයෙකුගේ මල සිරුරක්

පුත්තලම කොට්ටුකච්චිය මැල්ලන්කුලම ප්‍රදේශයේ අතහැර දමා ඇති පාළු නිවසක තිබි අභිරහස් ලෙස මිය ගිය තරුණයෙකුගේ සිරුරක් සොයා ගෙන තිබෙයි

මෙලෙස අභිරහස් ලෙස මිය ගොස් ඇත්තේ පුත්තලම කච්චිමඩුව ප්‍රදේශයේ පදිංචිව සිටි 34 හැවිරිදි පුද්ගලයෙක් බව පොලිසිය සඳහන් කරයි.

ඔහු ගොයම් කැපීම සදහා භාවිත කරන යන්ත්‍රයක සහායෙකු ලෙස සේවය කර තිබෙයි

පසුගිය දෙවන දා එහි සේවය කර අයිතිකරුගෙන් රුපියල් 6000ක මුදලක් ලබාගෙන තවත් යහලුවන් දෙදෙනෙකු සමග මෙම පාලු නිවසට ගොස් ඇති බවට තොරතුරු ලැබී තිබෙයි

එමෙන්ම ඔවුන් මෙම නිවසේ දී හෙරෝයින් මත්ද්‍රව්‍ය ලබාගෙන ඇති බවටයි විමර්ෂණවලදී හෙළි වී තිබෙන්නේ.

සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය පුත්තලම මූලික රෝහලේ දී අද සිදුකිරීමට නියමිතයි.

Share This