පහර දී කාන්තාවක් ඝාතනය කරලා – සහෝදරයන් දෙදෙනෙක් අත්අඩංගුවට

පහර දී කාන්තාවක් ඝාතනය කරලා – සහෝදරයන් දෙදෙනෙක් අත්අඩංගුවට

තියුණු ආයුධයකින් පහර දී කාන්තාවක් ඝාතනය කිරීම සම්බන්ධයෙන් එකම පවුලේ සහෝදරයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි .

සිද්ධියෙන් ඝාතනයට ලක්ව ඇත්තේ හොරණ මීවනපලාන සිරිල්ටන් වත්ත හාන්දු පැල්ල පොළ කොටස , අක්කර 12 පදිංචිව සිටි යු ප්‍රදීපිකා කුමාරි උක්වත්ත වයස අවුරුදු 36 තැනැත්තියකි.

ඝාතනයට යොදා ගත් මන්නා පිහියද ඒ ආසන්නේ තිබී සොයා ගෙන ඇත.

ඝාතනයට සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සහෝදරයන් දෙදෙනාගෙන් වැඩිමහල් පුද්ගලයාගේ බිරිඳ මීට වසර පහකට පමණ ඉහතදී වෙනත් පුද්ගලයකු සමග පලා ගොස් තිබූ අතර එයට උදව් උපකාර කර ඇති මෙම කාන්තාව බවට ඇති වූ සැකයෙන් මෙම ඝාතනය සිදුකර ඇති බවට පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ.