මුදල් ආරවුලකට බිබිල තරුණයෙක් ඝාතනය කරලා

මුදල් ආරවුලකට බිබිල තරුණයෙක් ඝාතනය කරලා

බිබිල පොලිස් වසමේ, වෑගම ප්‍රදේශයේ පාළු ඉඩමක් තුළ ඊයේ (10) දින පුද්ගලයෙකු ඝාතනය කර ඇති බවට ලද තොරතුරක් මත බිබිල පොලීසිය විමර්ශන ආරම්භකර තිබෙනවා.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ ඌරණිය ප්‍රදේශයේ පදිංචිව සිටි 34 හැවිරිදි පුද්ගලයෙක්.

මරණකරු එම ප්‍රදේශයේ ම පදිංචි පුද්ගලයෙකු සමග පැවති මුදල් ගනුදෙනුවක් මෙම ඝාතනයට හේතු වී ඇති බවයි පැවසෙන්නේ.

අදාළ පුද්ගලයා සහ මරණකරු අතර බහින්බස් වීමක් සිදුව ඇති අතර අනතුරුව සැකකාර පුද්ගලයා මරණකරුට යකඩ පොල්ලකින් පහර දී ඝාතනය කර තිබෙනවා.

ඝාතනය සිදුකළ 35 හැවිරිදි වියේ පසු වූ සැකකරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා බිබිල රෝහලේ මෘත ශරීරාගාරය වෙත යොමුකර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.