පුද්ගලයකු කපා කොටා ඝාතනය කිරීමේ සැලසුමක් පොලිසිය නිසා වරදී

පුද්ගලයකු කපා කොටා ඝාතනය කිරීමේ සැලසුමක් පොලිසිය නිසා වරදී

පුද්ගලයකු කපා කොටා ඝාතනය කිරීමේ අරමුණින් තියුණු ආයුධ සහිතව ත්‍රීරෝද රථයක යමින් සිටි එකම පවුලේ ඥාති පුද්ගලයින් හය දෙනෙකු අත්අඩංගුවට ගෙන සිදු කළ ප්‍රශ්න කිරීමේදී මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාලයකට සම්බන්ධ අඹු සැමි යුවලක් හෙරොයින් ග්‍රෑම් තිස් හතක් , අයිස් ග්‍රෑම් හයක් සමග අද (17) අලුයම අත්අඩංගුවට ගත් බව මත්තේගොඩ පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් අඹුසැමි යුවළ සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන දැනට ඩුබායි රාජ්‍යට පළාගොස් සැඟව සිටින ධනුක නැමැත්තාගේ මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන ප්‍රධාන ගෝලයින් බවට හදුනාගෙන ඇති බව පොලීසිය කියයි .

මත්තෙගොඩ පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඉන්දික කුමාර මහතා දෛනික රාජකාරි ආරම්භ කිරීමට අලුයම හතරට පමණ සිය නිවසේ සිට පොලිස් ස්ථානය වෙත යාමට සූදානම් වන අවස්ථාවේදී පුද්ගලයින් හය දෙනෙකු ත්‍රිරෝද රථයකින් පැමිණ මත්තේගොඩ නිවාස සංකීර්ණයේ 10 බී කලාපයේ නිවසක් ඉදිරිපිට සැකකටයුතු ලෙස රැඳී සිටිනු දැක තිබේ.

ඒ අනුව ක්ෂණිකව ක්‍රියාත්මක වූ ස්ථානාධිපතිවරයා පොලිස් ස්ථානයට ඇමතුමක් දී තවත් නිලධාරී කණ්ඩායමක් එම ස්ථානයට කැඳවා සැකකටයුතු ලෙස රැඳී සිටි පුද්ගලයින්ගෙන් ප්‍රශ්න කිරීමේ දී මත්තේගොඩ නිවාස සංකීර්ණයේ කුලී පදනම මත රැදී සිටින පුද්ගලයකු කපා කොටා ඝාතනය කිරීමට පැමිණි බවට තොරතුරක් අනාවරණය වී තිබේ.

පසුව සැකකරුවන් පැමිණි ත්‍රී රෝද රථය පරික්ෂා කිරීමේදී එහි තිබී කඩු දෙකක්, උල් පිහියක් , පොල්ලක් පොලීසිය සොයාගෙන තිබුණි .

පසුව අත්අඩංගුවට ගත් එකම පවුලේ අයියා මලෝ සිව් දෙනෙකු , මාමා කෙනෙකු සහ ඔහුගේ ඥාති පුතෙකුගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීමේදී එහි සිටි එක් පුද්ගලයෙකුගේ සහෝදරියක සමග හෙරොයින් සමග අත්අඩංගුවට ගත් සැකකරු අනියම් සම්බන්ධතාවක් පවත්වාගෙන යමින් මත්තේගොඩ නිවාස සංකීර්ණයේ පදිංචිව සිටින අතර ඔහු මීට දින දෙකකට පෙර හය දෙනාගේ කල්ලියේ එක් පුද්ගලයෙකුට පහරදී බරපතළ තුවාල සිදුකිරීමේ සිද්ධියකට පළිගැනීමක් ලෙස මෙසේ පහර පහරදීමට පැමිණි බවට තොරතුරු අනාවරණය වී තිබුණි .

තව දුරටත් ප්‍රශ්න කිරීමේ දී එම යුවළ එක්ව මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමකට සම්බන්ධ දෙදෙනකු බවට තොරතුරක් අනාවරණය විම හේතුවෙන් යලි එම නිවස පරික්ෂා කිරීම සඳහා ස්ථානාධිපතිවරයා විසින් නිලධාරී කණ්ඩායමක් එම නිවෙසට යවා ඇති අතර එම අවස්ථාවේදී ඔහු ස්කූටි යතුරු පැදියකින් නිවසින් බැහැරට යමින් සිට ඇති බව පැවසේ.

අතර පසුව නවතා පරික්ෂා කිරමේදී යතුරු පැදියේ කැබියේ සගවාගෙන යමින් තිබූ හෙරොයින් ග්‍රෑම් 37 පොලිස් භාරයට ගත් බව පැවසේ.

පසුව ඔහු සමග නිවසට ගොස් නිවස පරික්ෂා කිරීමේදී ඔහුගේ අනියම් බිරිය සන්තකයේ තිබී අයිස් ග්‍රෑම් හයක් , විද්‍යුත් තරාදියක් , පොලිතින් උර තොගයක් සොයා ගැනීමට පොලිසියට හැකි ව තිබේ.

ඒ අනුව අඹු සැමි යුවල අත් අඩංගුවට ගෙන වැඩිදුර ප්‍රශ්න කිරීමේ දී සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන ඩුබායි රාජ්‍යයට පලා ගොස් සැගව සිටින ධනුක නැමැත්තාගේ හෙරොයින් මෙසේ අලෙවි කරණ බවත් දිනකට ඉලක්ක කරගත් පුද්ගලයින් සිව් දෙනෙකුට මෙසේ තොග වශයෙන් හෙරොයින් බෙදා දෙන බවත් හෙරොයින් ජාවාරම සම්බන්ධයෙන් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයෙන් පවා සැකකරු අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කර සිටි පුද්ගලයකු බවට තොරතුරු අනාවරණය වූ බවත් පොලිසිය කියයි.

Share This