තිදරු මවක් ගෙල කපා ඝාතනය කරලා
වාද්දුව වේරගම ප්රදේශයේදී සැමියා විසින් බිරිඳගේ ගෙල කපා ඝාතනය කර ඇතැයි වාද්දුව පොලිසිය පවසයි.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ, වාද්දුව වේරගම පදිංචිව සිටි ඉෂාරා නිශාදිනී සල්ගාදු නමැති 29 හැවිරිදි කාන්තාවකි.
ඇයට මාස 6ක් සහ අවුරුදු 03ක මෙන්ම අවුරුදු 6ක දරුවන් තිදෙනෙකුද සිටින බවද පොලීසිය පවසයි.
ඝාතනය සම්බන්ධයෙන් 37 හැවිරිදි සැමියා ඝාතනයට යොදාගත් මන්නයත් සමග පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
අඹු සැමියන් දෙදෙනා අතර නිවස තුළදී ඇති වූ ආරවුලකින් අනතුරුව නිවසේ ඇඳ මත සිටි බිරිඳට සැමියා විසින් මන්නයෙන් පහර දී මෙම ඝාතනය සිදුකර ඇතැයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.