මොරටුව දුම්රිය ස්ථානයේ කාර්මික දෝෂයක්

මොරටුව දුම්රිය ස්ථානයේ කාර්මික දෝෂයක්

අද පෙරවරුවේ පානදුර සිට මරදාන බලා ගමන් දුම්රියක් පෙරවරු 11:00 පමණ මොරටුව දුම්රිය ස්ථානයේදී කාර්මික දෝෂයකට ලක්වීම නිසා දුම්රිය නවතා දමනු ලැබුවා. පසුව එම දුම්රියේ ගමන් ගත් මගීන් දැඩි අපහසුතාවයකට පත් වුණි.

මේ හේතුව නිසා මොරටුව දුම්රිය ස්ථානයේ එක් මං තීරුවක් අවහිර වී ඇති අතර එම ස්ථානයෙන් ගමන් ගන්නා අනෙකුත් දුම්රියන් ඉතිරි දුම්රිය මංතීරු භාවිතා කර ප්‍රාමදයකින් තොරව ගමන් කිරීමට අවශ්‍ය කටයුතු කර ඇති බව ස්ථානාධිපතිවරයා පවසයි.