මන්කි පොක්ස් ආසාධිතයෙක් ඉන්දියාවෙන් හමුවෙයි

මන්කි පොක්ස් ආසාධිතයෙක් ඉන්දියාවෙන් හමුවෙයි

“වඳුරු උණ” හෙවත් ‘එම්පොක්ස්’ ආසාදිතයකු යැයි සැක කෙරෙන රෝගියකු ඉන්දියාවෙන් හමුවී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව, එම රෝගියා නිරෝධායනය කර අවශ්‍ය ප්‍රතිකාර ලබා දෙන බවයි, ඉන්දීය සෞඛ්‍ය බලධාරීහු ප්‍රකාශ කර ඇත්තේ.

මෙම රෝගියා තරුණයකු බවත්, ඔහු මන්කි පොක්ස් පවතින රටවල සිට ඉන්දියාවට පැමිණි අයෙකු බවත් පැවැසෙයි.

ඒ අනුව, එම රෝගියා සමඟ සබඳතා පැවැත්වූවන් හඳුනා ගනිමින් ඔවුන්ට අවශ්‍ය සෞඛ්‍ය පිළිවෙත් ක්‍රියාත්මක කරන බව ද ඉන්දීය සෞඛ්‍ය බලධාරීහු වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.