හොර නෝට්ටු 65ක් සමග උපාධි අපේක්ෂකයෙකු මාට්ටු

හොර නෝට්ටු 65ක් සමග උපාධි අපේක්ෂකයෙකු මාට්ටු

රුපියල් 5000 හොර නෝට්ටු 65ක් සමග සරසවි බාහිර උපාධි අපේක්ෂකයකු අත්අඩංගුවට ගත් බව බියගම පොලිසිය පවසයි.

සැකකරු 2021 වසරේ ජයවර්ධනපුර සරසවියේ කළමනාකරණ පීඨයේ බාහිර අධ්‍යාපනය සඳහා ලියාපදිංචි වූවකු බව පොලිසිය සඳහන් කරයි.

28 වැනි වියේ පසුවන සැකකරු පොල්පිතිගම හත්පොකුණ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සැකකරුගෙන් සිදු කරන ලද ප්‍රශ්න කිරීම්වලදී හෙළිවී ඇත්තේ මෙම මුදල් ව්‍යාජ ලෙසට මුද්‍රණය කර වෙළඳසැල් දෙකක් වෙත ලබාදී වලංගු මුදල් ලබා ගන්නා බවටයි.

අදාළ වෙළඳසැල්වලින් ද රුපියල් 5000 ව්‍යාජ නෝට්ටු 2ක් සොයාගෙන තිබේ.

සැකකරු විසින් ව්‍යාජ මුදල් භාවිත කර උපයා ගත් වලංගු මුදල් රුපියල් 7700ක් ද පොලිස් භාරයට ගෙන ඇති අතර බියගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.