ඉන්දීය අගමැති අනුරාධපුරයට පැමිණෙයි

ඉන්දීය අගමැති අනුරාධපුරයට පැමිණෙයි

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මීට සුළු මොහොතකට පෙර අනුරාධපුර පූජා නගරය වෙත පැමිණ තිබේ.

ඒ ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ වැඳපුදාගැනීම සඳහායි.

මෙම අවස්ථාව සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාද සහභාගී වී තිබේ.

එහිදී ඉන්දීය අගමැතිවරයා අටමස්තානාධිපති ශ්‍යාමෝපාලි මහ නිකායේ මල්වතු පාර්ශ්වයේ නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමිපාණන් වහන්සේ බැහැ දැක ආශිර්වාද ලබා ගනු ලැබීය.

තුන්දින සංචාරයක් සදහා ඉන්දියානු අග්‍රාමාත්‍යවරයා පෙරේදා දිවයිනට පැමිණි අතර ඔහු පිළි ගැනීමේ නිල උත්සවය ඊයේ (05) පෙරවරුවේ පැවැත්වුණේ කොළඹ නිදහස් චතුරශ්‍ර පරීශ්‍රයේදීයි.