වයෝවෘද්ධ තිදරු මවක් අත්පා බැද මරාදාලා

වයෝවෘද්ධ තිදරු මවක් අත්පා බැද මරාදාලා

වයෝවෘද්ධ තිදරු මවක් අත්පා බැද ගැට ගසා නිරුවත් කර මදුරන්කුලිය නල්ලන්දළුව ප්‍රදේශයේ ඇගේ නිවස තුළදී අභිරහස් අයුරීන් මරා දමා තිබියදී අද (12) සොයාගත් බව පොලීසිය කියයි.

මෙලෙස මරණයට පත්ව ඇත්තේ මදුරන්කුලිය නල්ලන්දළුව ප්‍රදේශයෙ පදිංචි 71 හැවිරිදි සෙල්වමරික්කාර් අයිනා උම්මා නැමති තිදරු මවක් බව පොලිසිය කියයි.

මෙම තිදරු මව තනිව ඇයට අයත් පොල් ඉඩම තුළ වු නිවසේ වාසය කර ඇති බවත් දරුවන් ඇයව බැලිමට පැමිණ ඇත්තේද ඉදහිට බවත් කියයි.

මෙම කාන්තාව ඇගේ නිවසේ නිදි යහන මතදී මෙලෙස අත් පා ගැට ගසා කිසියම් ලෙසකින් මරා දමන්නට ඇති බවත් සිරුරේ බාහිර කිසිදු ලෙසකින් කැපුම් හෝ වෙනත් තුවාල කිසිවක් දැක ගත නොහැකි වු බව පරික්ෂණ පවත්වන පොලිස් කණ්ඩායම් පවසයි.

කාන්තාව සතුව විශාල මුදල් ප්‍රමාණයක් තිබේන්නට ඇති බවත් ඇය සතු රන් ආභරණ ඇතුළු දෑ ද නොතිබු බවද පොලිස් පරික්ෂණ වලදි හෙළිව තිබේ.