මියන්මාරයේ බෝට්ටුවක් පෙරලී 23ක් මිය ගොස් 30ක් අතුරුදන්

මියන්මාරයේ බෝට්ටුවක් පෙරලී 23ක් මිය ගොස් 30ක් අතුරුදන්

මියන්මාරයේ රඛයින් කලාපයේ සිට වෙනත් රටකට මුහුදු මාර්ගයෙන් සංක්‍රමණය වෙමින් සිටි රෝහින්ග්‍යා ජාතිකයින් රැගත් බෝට්ටුවක් පෙරලී යාමෙන් 23 දෙනෙකු මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

තවත් 30 දෙනෙකු තවමත් අතුරුදන්ව සිටින අතර පුද්ගලයින් අට දෙනෙකු අනතුරින් දිවි ගලවා ගෙන ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

මගීන් 50කට වැඩි පිරිසක් රැගත් මෙම බෝට්ටුව පසුගිය ඉරිදා දිනයේදී අනතුරට ලක්ව ඇති අතර, ඔවුන් මැලේසියාව බලා යමින් සිටි බවයි දිවි ගලවාගත් පිරිස පවසා තිබෙන්නේ.

අනතුර සිදුවූ අවස්ථාවේදී එම බෝට්ටුවේ කාර්ය මණ්ඩලය වෙනත් බෝට්ටුවකින් පැනගොස් තිබුණු බවයි, විදෙස් මාධ්‍ය සඳහන් කර සිටින්නේ.