ලෝක අවිවාහක රූ රැජින දිවයිනට

ලෝක අවිවාහක රූ රැජින දිවයිනට

ලෝක අවිවාහක රූ රැජින – 2023 ( Miss Queen of the World ) ලෙස කිරුළ පැලදි ඉන්දීය ජාතික ක්‍රිශාන්ගී ගෞරි ( krishangee Gauree ) මෙනවිය , ශ්‍රී ලංකාවේ පැවැත්වෙන අවිවාහක රූ රැජින තෝරා ගැනීමේ තරගාවලියේ අවසාන මහා තරගයට සහභාගී වීම සඳහා ඊයේ රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියාය.

ශ්‍රී ලංකා අවිවාහක රූ රැජින තෝරා ගැනීමේ අවසාන  මහා තරගය එළැඹෙන 22 දා පැවැත්වීමට නියමිතය. එහිදී තෝරා ගන්නා ජයග්‍රාහිකාවන් සිව් දෙනෙකු 2024 අප්‍රියෙල් මාසයේ ඇමෙරිකාවේ පැවැත්වෙන ලෝක අවිවාහක රූ රැජින තරගාවලිය සදහා ඉදිරිපත් කිරීමට නියමිතය .

ක්‍රිශාන්ගී ගෞරි මෙනවිය මෙම ශ්‍රී ලංකා අවිවාහක රූ රැජින අවසාන මහා තරගයේ ප්‍රධාන ආරාධිත අමුත්තෙකු සහ එහි විනිශ්චය මණ්ඩලයේ සාමාජිකාවක ලෙස කටයුතු කිරීමට ද නියමිතය .

ඇය පිළිගැනීම සදහා ශ්‍රී අවිවාහක රූ රැජින තරගාවලියේ සංවිධායකවරුන් පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තය වෙත පැමිණ සිටියහ .

20230919 234504 scaled

20230919 234611 scaled

20230919 234957 scaled

20230919 235008 scaled

Share This