මෙක්සිකෝවේ උෂ්ණත්වයෙන් 100ක් මරුට

මෙක්සිකෝවේ උෂ්ණත්වයෙන් 100ක් මරුට

මෙක්සිකෝවට බලපා ඇති අධික උෂ්ණත්වය හේතුවෙන් පුද්ගලයින් 100 දෙනෙකු මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පසුගිය සති දෙක තුළ සෙල්සියස් අංශක 50ක පමණ උෂ්ණත්වයක් එහි පැවති බවයි, එරට සෞඛ්‍ය බලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ.

බොහෝ මරණ වලට උෂ්ණත්වය හේතුවෙන් ඇති වූ ආඝාත තත්ත්වය බලපා ඇති අතර සුළු මරණ සංඛ්‍යාවක් විජලනය හේතුවෙන් සිදුව ඇති බවයි, වාර්තාවන්නේ.

කෙසේවෙතත් ඇතැම් නගරවල තවදුරටත් ඉහළ උෂ්ණත්වයක් පවතින බව සඳහන් වෙයි.

Share This