ඉන්දියාව සහ පාකිස්ථානය අතර තරඟය අද

ඉන්දියාව සහ පාකිස්ථානය අතර තරඟය අද

පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව සහ පාකිස්ථානය අතර තරගය අද පැවැත්වීමට නියමිතයි.

තරගය පැවැත්වෙන්නේ නිව්යෝර්ක් හි නසාවු ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේදීයි.

තරගය අද රාත්‍රී 8.00ට ආරම්භවීමට නියමිතව තිබේ.

“ඒ” කාණ්ඩය යටතේ තරඟ වදින ඉන්දීය කණ්ඩායම මේ වන විට එක් තරගයකට සහභාගි වී එම තරඟය ජයගෙන ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානයේ රැදී සිටියි.

ඇමෙරිකානු කණ්ඩායම හමුවේ පරාජයට පත් වූ පාකිස්ථාන කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ සිව්වැනි ස්ථානයේ පසුවේ.

Share This