ශ්‍රී ලංකාව ලකුණු 82ක් ඉදිරියෙන්

ශ්‍රී ලංකාව ලකුණු 82ක් ඉදිරියෙන්

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය අද (24) සිව්වන දිනටත් පැවැත්වෙයි.

මැන්චෙස්ටර් ඕල්ඩ් ට්‍රැෆර්ඩ් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තරගය තුන්වැනි දිනට ඊයේ නතර කරන විට දෙවැනි ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 6 ක් දැවී රැස් කර ගෙන සිටි ලකුණු සංඛ්‍යාව 204 කි.

ඒ අනුව ශ්‍රී ලංකා පිළ ලකුණු 82ක් ඉදිරියෙන් සිටියි.

ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 65ක් ලබා ගත් අතර කමිඳු මෙන්ඩිස් නොදැවී ලකුණූ 56 ක් රැස් කර ගෙන සිටී.

ශ්‍රී ලංකා පළමු ඉනිමට රැස් කළ ලකුණු 236ට පිළිතුරු ලෙස එංගලන්තය රැස් කළ ලකුණූ සංඛ්‍යාව 358කි.

ජෙමී ස්මිත් මංගල ටෙස්ට් ශතකයද සමගින් ලකුණු 111යි.