විෂ දුමක් නිසා මාස්ක් දාන්නැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයෙන් උපදෙස්
බදුල්ල නගරය ආශ්රිත ප්‍රදේශයේ වායුගෝලයේ මීදුම මෙන් පවතින විස දුම මිනිස් සිරුරට අහිතකර තත්ත්වයක් උදාකර දී ඇති බැවින් මුඛ ආවරණ පළදින ලෙසට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අද (5) ජනතාවට දැනුම් දී තිබේ.
උතුරු දෙසින් හමාඑන සුලං සමග මෙම දූෂිත සුලං ප්‍රවාහ මෙසේ ඊයේ (4) සහ අද (5) දෙදින තුළ බදුල්ල නගර ආශ්‍රිතව කදු කරයේ මීදුම මෙන් දක්නට ලැබෙන බවත් , එය මිනිස් සිරුරට අහිතකර විෂ දුමක් හෙයින් ජනතාවට හැකි සෑම අවස්ථාවකම මුඛ ආවරණ පැලද ආරක්ෂිත ව සිටින ලෙසටද දැනුම් දී තිබේ.
මේ අතර මීදුම මෙන් පවතින මෙම විෂ සහිත දුම විශේෂයෙන් හදවත් රෝගින් ,ශ්වසන රෝගීන්ට, මෙන්ම බාල, මහලු තරුණ වැඩිහිටි, ළමා පිරිසගේ සෞඛ්‍යයට අහිතකර බලපෑමක් එල්ලකර ඇති හෙයින් ජනතාවට සෞඛ්‍ය ආරක්ෂිත උපදෙස් පිළිපදිමින් ආරක්ෂිත ව සිටින ලෙසට බදුල්ල ශික්ෂණ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරී වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා පැවසීය