දරුවන්ට මුඛ ආවරණ පළඳවන්නැයි ඉල්ලීමක්

දරුවන්ට මුඛ ආවරණ පළඳවන්නැයි ඉල්ලීමක්

ඉන්ෆ්ලුවෙන්සා රෝග ලක්ෂණ සහිත දරුවන් මේ දිනවල වාර්තාවන බැවින් එම රෝග ලක්ෂණ සහිත දරුවන්ට මුඛ ආවරණ පළඳවන ලෙස සෞඛ්‍ය අංශ දෙමව්පියන්ගෙන් ඉල්ලා සිටී.

උණ, කැස්ස, හෙම්රිසාව වැනි රෝගී තත්ත්වයන් ඇති දරුවන් ගැන අවධානයෙන් පසු විය යුතු බවයි, විශේෂඥ වෛද්‍යවරයා පවසන්නේ.

එමෙන්ම අත්, පා මුඛ රෝගය (Hand, foot and mouth disease) සහිත දරුවන්ද මේ දිනවල වාර්තා වන බව සෞඛ්‍ය අංශ පවසයි.

එබැවින්, නිසි සෞඛ්‍ය උපදෙස් අනුගමනය කිරිම තුළින් දරුවන් ආරක්ෂා කරගත හැකි බව ළමාරෝග විශේෂඥ වෛද්‍ය දිපාල් පෙරේරා මහතා සඳහන් කරයි.