මැරතන් තරගයක් අතරතුර සිසුවෙකු මියයෑම ගැන අමාත්‍යාංශයෙන් විමර්ශනයක්

මැරතන් තරගයක් අතරතුර සිසුවෙකු මියයෑම ගැන අමාත්‍යාංශයෙන් විමර්ශනයක්

පාසල් මැරතන් ධාවන තරගයක් අතරතුර හදිසියේ ඇති වූ අසනීප තත්ත්වයකින් සිසුවකු මිය යෑමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළ බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් වසන්තා පෙරේරා මහත්මිය පැවසුවාය.

ඊයේ (11) දිනයේ තිරුක්කෝවිල් හී පාසලක පැවති මැරතන් ධාවන තරගයකට සහභාගී වු 16 හැවිරිදි සිසුවෙකු හදිසියේ රෝගී වීමෙන් අක්කරෙයිපත්තුව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබිණි.

අදාළ සිසුවා මියයාමට හේතුව මෙතෙක් නිෂ්චිතව අණාවරණය වී නොමැති අතර පශ්චාත් මරණ පරීක්ෂණය අම්පාර රෝහලේ දී සිදුකිරීමට නියමිතව තිබේ.

මේ දිනවල පවතින උෂ්ණාධික දේශගුණ තත්ත්වය හේතුවෙන් එළිමහනේ ක්‍රියාකාරකම් සීමා කරන ලෙස දන්වමින් අධ්‍යාපන අමාත්‍යංශය විසින් සියලු පාසල් බලධාරීන් වෙත විශේෂ චක්‍රලේකයක් පසුගිය දා නිකුත් කර තිබිණි.