මාර ගසක් කඩා වැටී එක් අයෙක් මරුට – දෙදෙනෙකුට බරපතලයි!

මාර ගසක් කඩා වැටී එක් අයෙක් මරුට – දෙදෙනෙකුට බරපතලයි!

මහනුවර මහියංගණය ප්‍රධාන මාර්ගයේ වරාපිටිය බණ්ඩාරනායක ජාතික පාසල ආසන්නයේ තිබූ වට අඩි 15ක් පමණ වූ විශාල මාර ගසක් ඊයේ (02) පස්වරු 4.00 ට පමණ කඩා වැටීමෙන් පුද්ගලයෙක් මිය ගොස් තවත් පුද්ගලයෙක් සහ කාන්තාවක් බරපතල තුවාල ලබා තිබේ.

තුවාල ලැබූ පුද්ගලයින් තිදෙනා මහනුවර ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ඉන් එක් පුද්ගලයෙක් මිය ගොස් ඇත.

මියගිය පුද්ගලයා 56 හැවිරිදි වරාපිටිය කුණ්ඩසාලේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

ගස වාහන තුනක් යටකරමින් අසල තිබූ පෙට්ටි කඩයක් මතට ද ඇද වැටෙන විට මිය ගිය පුද්ගලයා හා තුවාල ලැබූ දෙදෙනා එම පෙට්ටි කඩය අසල සිට ඇතැයි ඇසින් දුටුවෝ කියති.

ගස කඩා වැටීමෙන් විදුලි රැහැන් පද්ධතිය ද එක්වරම බිඳ වැටීම නිසා තුවාල ලැබූ තිදෙනාට විදුලි සැර වැදිමේ අවදානමක්ද තිබුණු බව ප්‍රදේශවාසීහු කීහ.